ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් පිළිබඳ නියෝග ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
2023-07-04 18:44:42
Share with:

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් පිළිබඳ නියෝග ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ. මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් එය නිකුත් කර තිබේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පසුගිය සතියේ එළඹි තීරණයට අනුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ජූනි මස 28 වන දින වනවිට පැවති කොටස් හෝ සුරැකුම්පත් පරිවර්තනය හෝ හුවමාරු කිරීමට හිමිකරුවන්ට ඉන් අවස්ථාව ලබා දීමට නියමිත අතර භාණ්ඩාර බැදුම්කර සඳහා පොලී ගෙවීම, පරිවර්තනය හෝ හුවමාරු කිරීම සඳහා වන ක්‍රමවේදය සකස් කිරීමට අමාත්‍යංශ ලේකම්වරයාට සහ රාජ්‍ය ණය අධිකාරිය වෙත බලය ලැබී තිබේ.

භාණ්ඩාර බැඳුම්කර සකස් කිරීමේදී සහ නිකුත් කිරීමේදී දරන ලද ඕනෑම වියදමක් ගෙවීම සඳහා  බලය ද අදාළ නිලධාරීන් වෙත පවරා ඇති බව එම ගැසට් නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම