චීන ආජන්ටිනා මුල්‍ය සහයෝගතාවේ නව පියවරයක්
2023-07-04 12:16:01
Share with:

විදේශ ණය ආපසු ගෙවීමේදී ආජන්ටිනාව RMB මුදල් ඒකකය භාවිත කර ඇත. විශේෂ ගැණුම් හිමිකම් මත RMB මුදල් ඒකකය භාවිත කරමින් එරට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට පියවිය යුතු ඇ.ඩො. බිලියන 2.7ක ණය මුදල් පසුගිය ජූනි 30වනදා ආපසු ගෙවා තිබේ. ආජන්ටිනාව RMB මුදල් ඒකකයෙන් ණය ගෙවීමේ පළමු වන අවස්ථාව මෙයයි.  මීට දිනකට පෙර චීන RMB මුදල් ඒකකය තම බැංකු පද්ධතියේ තැන්පතු හා හැරවීම් මුදල් ඒකකය ලෙසට ඇතුළත් කරන බව ආජන්ටිනා මහ බැංකුව ප්‍රකාශ කර ඇත.

 මෙම වසරේ චීනය හා ආජන්ටිනාව අතර මුල්‍ය සහයෝගතාව කඩිනම් වූ බව පෙන්නුම් කර තිබේ. එය දෙරටේ ආර්ථික හා වෙළඳ සම්බන්ධතාවයේ විධිමත් වර්ධනයට පිළිබිඹුවකි. දැනට චීනය ආජන්ටිනාවේ වැදගත්ම වෙළඳ හවුල්කරු‍වෙකු වේ. චීනයේ හා ආජන්ටිනාවේ ව්‍යාපාර, ද්විපාර්ශ්වීය ආර්ථික හා වෙළඳ හුවමාරු මෙන්ම ‍අන්‍යෝන්‍ය ආයෝජන තුළදී ස්වයං මුදල් ඒකකය යොදා ගතහොත්, විදේශ විනිමය හුවමාරු පිරිවැය හා අවදානම අවම කළ හැකි අතර එය ද්විපාර්ශ්වීය වෙළඳාම පුළුල් කිරීමටත් හිතකර තත්ත්වයකි.

ඕනෑම ආකාරයේ සහයෝගතාවන් අන්‍යෝන්‍ය වාසිසහගත විය යුතුය. ආජන්ටිනාවට නම්, මෑත වසර වල මුහුණ පා ඇති ඩොලර් හිඟවීමේ ගැටළුව සමනය කිරීමට RMB මුදල් ඒකකය භාවිතය ව්‍යාප්තිය මනා විසඳුමකි. 

චීනයට නම්, ආජන්ටිනාවේ ඩොලර් හිඟය හමුවේ RMB මුදල් ඒකකය භාවිතයෙන් එරටට අපනයනය සහතික කළ හැකිය. අනතුරුව, RMB මුදල් ඒකකය භාවිතයෙන් ණය මුදල් ආපසු ගෙවීම සිදු කළහොත්, ආජන්ටිනාවට ණය මුදල් ආපසු ගෙවීමට අපොහොසත් වීමේ අවදානමෙන් නිදහස් විය හැකි වන අතර ආර්ථික ස්ථාවරය පූර්ණ වශයෙන් සහතික කළ හැකිය. ආජන්ටිනාවේ ආර්ථික ස්ථාවරය නම් චීන ආජන්ටිනා ආර්ථික හා වෙළඳ සහයෝගතාව විධිමත්ව වර්ධනය වීමට අනිවාර්ය පූර්ව කොන්දේසියක් බව නිසැකය.

ලතින් ඇමරිකාවේ තුන් වන ආර්ථික ස්වභාවය වශයෙන්, ආජන්ටිනාවේ කල්ක්‍රියාව ආදර්ශවත් අනුබලයට තුඩු දිය හැකිය. බ්‍රසීලය හා ආජන්ටිනාව යන රටවල ප්‍රවර්ධනය යටතේ ‘නිර්ඩොලර්කරණය’ පිළිබඳ මතය සෙසු ලතින් ඇමරිකානු රටවල් විසිනුත් පිළිවෙළින් ඉදිරිපත් කර ඇත.


ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම