ඊශ්‍රායලයේ - කටුනායක ප්‍රථම සෘජු මගී ගුවන් සේවා ඇරඹේ
2023-07-03 16:42:05
Share with:

ඊශ්‍රායලයේ  සිට කටුනායක දක්වා ප්‍රථම වරට සෘජු මගී ගුවන් සේවා ආරම්භ කිරීමට දෙරටේ සිවිල් ගුවන්සේවා  අංශ පියවර ගෙන තිබේ.

ඒ අනුව ලබන ඔක්තෝබර් මස සිට ඊශ්‍රායලයේ  “ආකියා” ගුවන් සේවයට අයත් ගුවන්යානා  ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පැවසීය.

නව ගුවන් සේවාව  ආරම්භ කිරීම පිළිබඳව පවතින ගැටලු නිරාකරණය කරගනිමින් එකඟතාවයක් සඳහා පැමිණීමට දෙරටේ සිවිල් ගුවන්සේවා අංශ අතර අවබෝධතා ගිවිසුමක් නුදුරේදී අත්සන් කිරීමට නියමිත  බවත් සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම