උසස් පෙළ නිමකළ සිසුන්ට විශ්විවිද්‍යාල අධ්‍යාපනයට පොලී රහිත ණය
2023-07-03 16:42:44
Share with:

2019, 20 හා 21 වසරවල උසස් පෙළ හැදෑරු සිසුන් 5,000 කට පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීමට පොලී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය අනුමත කෙරේ. ඒ සඳහා හෙට(04) සිට අගෝස්තු 7 දක්වා අයදුම් කළ හැකිය.

අදාළ ණය මුදල ලබාගන්නා සිසුන් රැකියා අභිමුඛ පාඨමාලා හැදෑරිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටී.

වසර තුනක උසස් පෙළ හැදෑරු සිසුන්ට මේ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව සැලසේ. මෙම ණය මුදල සඳහා වන සම්පූර්ණ පොලිය රජය විසින් ගෙවනු ලැබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම