සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් ඉවතට-ජනපති පවසයි
2023-07-03 16:43:30
Share with:

ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ මඟින්, ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට බංකොලොත්භාවයෙන් මිදීමට හැකි වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රජයේ එම ප්‍රයත්නයන්ට සහාය දැක්වීමට සාමූහිකව එක්වන්නැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය.  ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) මහසභා රැස්වීම අමතමිනි. ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළ වික්‍රමසිංහ මහතා, තමන් මේ වන විටත් අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්, බැංකුකරුවන්, වාණිජ මණ්ඩල නියෝජිතයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද පැවසීය.

ශ්‍රී ලංකාවට වර්ධන න්‍යාය පත්‍රයක් තිබෙන අතර ඒ සඳහා අප ප්‍රථමයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යා යුතු බවද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම