දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් කොත්මලේට
2023-07-02 17:25:42
Share with:

දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනය කිරීමේ පහසුකම් සහිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම සඳහා කොත්මලේ ප්‍රදේශයේ අක්කර 400ක පමණ ඉඩමක් තෝරා ගැනේ. මෙම ඉඩමට තවත් අක්කර 200 ක පමණ භූමියක් එක්කර ගැනීමට ද නියමිත ය.

ඉඩම වෙන්කර ගැනීමෙන් පසු විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා සහාය වන බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය දැනුම් දී තිබේ.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් පසුගිය දා මෙම ඉඩම පිළිබඳ සොයා බැලීමට කොත්මලේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. නේවාසිකාගාර ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත අංගසම්පූර්ණ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් මෙහි ඉදිකෙරෙන බව විජයවර්ධන මහතා එහිදී පැවසීය.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීම පිළිබඳව සැකසුණු ව්‍යාපෘති වාර්තාව ඉදිරියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද හෙතෙම කියාසිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම