ශ්‍රී ලංකාවේ භූ කම්පන සිදුවිය හැකි කලාප කිහිපයක් හඳුනාගැනේ
2023-07-02 15:35:59
Share with:

ශ්‍රී ලංකාවේ භූ කම්පනයක් සිදුවිය හැකි කලාප කිහිපයක් හඳුනාගෙන ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකාවට කිලෝමීටර 1,260 ක් පමණ දුරින් වූ මුහුදු සීමාවේ ඊයේ (01) දහවල් රිච්ටර් පරිමාණ ඒකක 5.8ක භූ කම්පනයක් සිදුව ඇත. මෙහි කම්පනය කොළඹ වැල්ලවත්ත වෙරළ තීරයටත්, බත්තරමුල්ල, ගාල්ල, අකුරැස්ස, ඇඹිලිපිටිය යන ප්‍රදේශවලට දැනුණු බව වාර්තා වෙයි.

මෙවැනි කම්පන ඉදිරියේ දී තවදුරටත් සිදුවිය හැකි බවත්, එම කම්පනවලින්  හානියක් සිදුනොවන බවත් මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. මෙරටට සුනාමි අවදානමක් ඇතිවිය හැක්කේ සුමාත්‍රා දූපත කෙළවර භූ කම්පනයක් සිදුවුවහොත් පමණක් බව ද ඔහු කියාසිටී.  

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම