ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේ වැදගත්කම ජනපති අවධාරණය කරයි
2023-07-01 17:40:10
Share with:

ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට පමණක් නොව අනාගතයේ දී වඩා තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කරගැනීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම වැඩපිළිවෙළ මගින්, ලබන සැප්තැම්බර් මාසය වන විට දැනට පවතින බංකොලොත් භාවයෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි ද හෙතෙම කියාසිටී. රජයේ එම ප්‍රයත්නයන්ට සහාය දැක්වීමට සාමූහිකව එක්වන ලෙස ද ජනාධිපතිවරයා සියලුදෙනා පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) මහා සභා රැස්වීම අමතමිනි.

ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා, ඒ යටතේ දැනට ක්‍රියාවට නංවා ඇති පියවර පිළිබඳව ද මෙහිදී විස්තර කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම