විදුලි ගාස්තු අඩුකෙරේ
2023-07-01 17:42:58
Share with:

විදුලි ගාස්තුව අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි 14.2% කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව ගෘහස්ථ අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට 65% කිනි විදුලි ගාස්තු අඩුකෙරෙන අතර, ඒකකයක මිල රු. 30 සිට 10 දක්වා අඩු කෙරේ. මාසික ගාස්තුව ද රු. 400 සිට 150 දක්වා අඩු කර ඇත. සෙසු කාණ්ඩ සඳහා ද විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ආගමික ස්ථාන සඳහා 16% කින් ගාස්තු අඩු කෙරෙන අතර, අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථාන සඳහා ඒකකය රු. 10 බැගින් අය කෙරේ. ආගමික ස්ථාන සඳහා කඩිනමින් සූර්ය බල පද්ධති ස්ථාපනය කරන ලෙස ද කොන්දේසි ඉදිරිපත් කර ඇත. එසේම, හෝටල් සඳහා 26.3% කින් හා කර්මාන්ත සඳහා 9% කින් ද විදුලි ගාස්තු අඩු කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම