බාහිර අභියෝග රැසක් හමුවේ නොසැලෙන චීනය
2023-06-30 14:59:17
Share with:

ගෝලීය ආර්ථික අභියෝග මෙන්ම විවිධ බාහිර දේශපාලන මැදිහත්වීම් මධ්‍යයේ වුවද චීනය නොසැලී සිය ඉලක්කයන් කරා ගමන් කරමින් සිටී. චීන ව්‍යාපාර සඳහා විවිධ රටවල් සිදු කරන බාධා කිරීම් මධ්‍යයේ සිය ව්‍යාපාර ආරක්ෂා කර ගනිමින් අසීරු කාලවලදී ද ශක්මත් ලෙස නැගී සිටීමේ සුවිශේෂී ජීවගුණයක් තමා චීන‍ නායකත්වය තුළ දකින බව ආර්ථික විශ්ලේෂක දේශමාන්‍ය, මහේෂ් රාජකරුණා මහතා පවසයි. චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇතැම් බටහිර බලවේග මැදිහත්වීමට උත්සාහ දරමින් සිටී. කෙසේ වුවත් එවන් මැදිහත්වීම් සාර්ථකවීමට ඉඩ නොදෙන චීන මහ ප්‍රාකාරය මෙන් මහ පවුරක් චීනය වටා ඇති ආකාරයකට එම ශක්තිමත්භාවය සමාන කළ හැකි යැයිද හෙතෙම සඳහන් කරයි. චීන නායකත්වයත් චීන ජනතාව තුළ ඇති එකසත්භාවයත් එවැනි බාහිර බලවේගයන් අභිබවා යන ප්‍රමුඛතම ශක්තියයි. එවන් පසුබිමක් තුළ අසීරුතා මැඩගෙන ඉදිරියට ගමන් කිරීමේ චීන ජාතිය තුළ ඇති ශක්තිය වඩ වඩාත් මෙම කාලයේ ඉස්මතුවන බවද ඔහු‍ගේ අදහස වී තිබේ. චීනය මැඩ පැවැත්වීමට විවිධ බලවේග උත්සාහ දැරුවද ලෝක බැංකුව වැනි ආයතන චීන ආර්ථික වර්ධන පුරෝකථනයන් ඉහළ නැංවීමෙන් පැහැදිලි වී ඇත්තේ එම උත්සාහයන් යළි යළිත් පරාජය වී ඇති අයුරුය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම