චීන විද්‍යාඥවරියක් Al Fozan ජාත්‍යන්තර සම්මානය ලබා ගනී
2023-06-30 15:38:32
Share with:

"මම කවුද? මම ආවේ කොහෙන්ද? මම කොහෙද යන්නේ?" ඇතුළු මානව පරිණාමය පිළිබඳ ප්‍රහේලිකා චීන තරුණ විද්‍යාඥවරියකු වන Fu Qiaomei ‍ගේ ගවේෂණ ක්ෂේත්‍ර වේ.

1984 වසරේ උපත ලද Fu Qiaomei, චීන විද්‍යා ඇකඩමියේ ප්‍රාග් පෘෂ්ඨවංශික සහ පැලියෝඇන්ත්‍රොපොලොජි ආයතනයේ පර්යේෂිකාවක්. ඇය දිගු කලක් ප්‍රාග් ජාන විද්‍යා පර්යේෂණවල නියැලී සිටින අතර ප්‍රධාන වශයෙන් ප්‍රාග් DNA දත්ත කේන්ද්‍ර කර ගෙන මානව මූලාරම්භය සහ පරිණාමය පිළිබඳ වැදගත් විද්‍යාත්මක කරුණු ගවේෂණය කරයි.

මේ වසරේ ජූනි මස 19 වනදා Fu Qiaomei යුනෙස්කෝ මූලස්ථානයේදී විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන ක්ෂේත්‍රවල විශිෂ්ට තරුණ විද්‍යාඥයින් සඳහා වන යුනෙස්කෝ- Al Fozan ජාත්‍යන්තර සම්මානය පිරිනැමිණ. සෑම වසර දෙකකට වරක් මෙම සම්මානය විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, ගණිතය යන ක්ෂේත්‍රවල තරුණ විශිෂ්ට විද්‍යාඥයින් 5 දෙනෙකුට ප්‍රදානය කෙරේ.

Fu Qiaomei, ජාත්‍යන්තර ප්‍රාග් ජාන විද්‍යා ක්ෂේත්‍රයේ පුරෝගාමී විද්‍යාඥවරියක් ලෙස, ලොව පුරා අපේක්ෂකයින් 2,500 ක් අතරින් Al Fozan සම්මානය දිනා ගෙන තිබේ. මෙම සම්මානය දිනාගත් පළමු චීන විද්‍යාඥයා බවට ඇය පත්වූවාය.

වර්ත‍මානයේ Fu Qiaomei විසින් චීන ජාතිකයන් ගෙන් පමණක් සමන්විත ප්‍රාග් DNA පර්යේෂණ කණ්ඩායමක් පිහිටුවා ඇත. ඔවුන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 30ක් පමණ වේ. ඔවුන් ලබා ගත් ප්‍රතිඵල හේතුවෙන් මානව සම්භවය සහ පරිණාමය පර්යේෂණ ක්ෂේත්‍රයේ චීනය පුරෝගාමී තත්ත්වයක සිටී. මෙම ක්ෂේත්‍රයේ නොදන්නා බොහෝ දේ තිබෙන අතර මෙම නොදන්නා දේ තමාට උත්සාහ දැරීමේ ගාමක බලවේගය බව Fu Qiaomei පැවසුවාය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම