චීන කොමියුනිස්‍ට් පක්ෂයේ වර්ධනය හා සංවිධාන කටයුතු පිළිබඳව පක්ෂ මහ ලේකම් ෂී ජින් පිං මහතා ගෙන් උපදෙස්
2023-06-30 11:15:59
Share with:

වසර 2023 ජූලි පළමු වැනිදා චීනයේ පාලක පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂ‍ය ගොඩනැගීමේ 102 වැනි සංවත්සරයයි. මේ නිමිත්තෙන් පක්ෂ වර්ධනය හා සංවිධාන කටයුතු පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා උපදෙස් දී ඇත.

විශාල පක්ෂවලට අනන්‍ය ප්‍රශ්න විසඳීමට යොමුවීම හා දැඩි ලෙස පක්ෂ පාලන පද්ධතිය සම්පූර්ණ කිරීම, පක්ෂයේ ප්‍රධාන කාර්යයන් ලෙස‍ට සැලකිය යුතුය. එමගින් ජාතික පුනර්ජීවනය ඉටු කිරීමට දායක විය හැකි පාලක කණ්ඩායම ශක්තිමත් කර ගත යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය ක‍රයි.

ගෙවී ගිය වසර 100කට වැඩි කාලයක් තුළ චීන කොමියුනිස්ට් පක්ෂය ජයග්‍රහණය ලබා ගෙන ඇත්තේ ශක්තිමත් නායකත්වය, ශක්තිමත් ස්වයං සංවර්ධනය හා සංවිධාන හැකියාව මත ය. 2012 වසරේ ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ උත්තරීතර නායකයා බවට පත්වීමෙන් පසු ෂී ජින් පිං  මහතා කේන්ද්‍ර කර ගන්නා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂයේ පූර්ණ නායකත්වය ශක්තිමත් කරමින් ස්වයං අධීක්ෂණය,  දැඩි ලෙස පක්ෂය පාලනය කිරීම ඇතුළු නව සංකල්ප ඉදිරිපත් කර ඒවා ක්‍රියාවට නංවා තිබේ. ඉන් එම වසර 100ක ඉතිහාසයක් සහිත විශාල පක්ෂයේ ස්වයං විප්ලවයේ නව පරිච්ඡේදයක් බිහි කර තිබේ.

‘දැඩි ලෙස පක්ෂය පාලනය කිරී‍ම’ පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනය තුළ, දැඩි විනය ක්‍රියාත්මක කරමින් අයුතු ලෙස රාජකාරී කිරීමට එරෙහිව පියවර ගැනීම, දූෂණය ප්‍රබල ලෙස මර්දනය කිරීම, ස්වයං වැඩිදියුණු කිරීමේ පද්ධතිය සහතික කිරීමද ඇතුළත් ය. ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වය යටතේ චීන කොමියුනිස්ට් පක්ෂය, ස්වයං විප්ලවය වගකීම් සහගතව  ඉදිරියට ගෙන යනු ඇත. එමගින් සමාජ ප්‍රතිසංස්කරණ මෙහෙයවමින්, ප්‍රබල රටක් ගොඩනැගීම හා ජාතික පුනර්ජීවනය වෙනුවෙන් ශක්තිමත් සංවිධානාත්මක සහතිකයක් සපයනු ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම