චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සබඳතා නීතිය චීනය පිළිබඳව මනාව වටහාගැනීමට ලොවට ඉඩ සලසනු ඇත
2023-06-30 21:20:30
Share with:

ජූලි පළමුවැනිදා සිට “චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සබඳතා නීතිය”  බලාත්මක වෙයි. මෙය චීන මහජන සමූහාණ්ඩුවේ පළමු, මූලික, ක්‍රමලේඛන සහ විස්තීර්ණ විදේශ සබඳතා නීතිය වන අතර, චීනය ලෝකය සමඟ කරන හුවමාරු සඳහා වඩාත් පරිපූර්ණ නෛතික පදනමක් සපයයි. එය ලෝකයට චීනය පිළිබඳව වඩා හොඳින් අවබෝධ කර ගැනීමටත්, මානව වර්ගයා සඳහා පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමේ චීනයේ දැඩි විශ්වාසය තේරුම් ගැනීමටත් ඉඩ සලසයි. එසේම, ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා මෙන්ම ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම පිළිබඳ චීනයේ අධිෂ්ඨානය සහ වගකීම අවබෝධ කරගැනීමටත් ඉන් පදනම සැකසේ.

චීනය විසින් මෙම නීතිය පැනවීමේ ප්‍රධාන අරමුණ වන්නේ විදේශ සබඳතා සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පැහැදිලි කිරීම සහ චීනයේ විදේශ සබඳතාවල අදාළ පද්ධති වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමයි. ඒ අතරම, නීතියේ ආධිපත්‍යය තුළින් චීනය සාමය, සංවර්ධනය, සහයෝගීතාවය සහ ජයග්‍රාහී ප්‍රතිඵලවලට අනුගත වන බවත්, චීනයේ විදේශ සබඳතා වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වඩාත් සම්පූර්ණ නීතිමය පදනමක් සපයන බවත් ලෝකයට පෙන්නුම් කරයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම පිළිපැදීම “චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සබඳතා නීතිය” පැහැදිලිව සඳහන් කර ඇත. මෙය ජාත්‍යන්තර නීතියට ඉහළින් දේශීය නීතිය නිතර තබන ඇතැම් බටහිර රටවල භාවිතාවට හාත්පසින්ම වෙනස් ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ජාත්‍යන්තර පද්ධතිය ආරක්ෂා කිරීම සහ ජාත්‍යන්තර නීතියත්, ජාත්‍යන්තර පටිපාටියත් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් චීනයේ දැඩි ස්ථාවරය ද ඉන් පිළිබිඹු වේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම