කිසිවකු මගනොහැරෙන ලෙස අස්වැසුම වැඩසටහන ක්‍රියාවට නංවන්නැයි ජනපතිගෙන් උපදෙස්
2023-06-30 14:52:00
Share with:

කිසිවකුට අසාධාරණයක් නොවන ලෙස සහ කිසිවකු අත් නොහැරෙන ලෙස අස්වැසුම වැඩසටහන ක්‍රියාවට නංවන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙයි. ඒ අනුව, මීට ලියාපදිංචි වීමට නොහැකි වූවන්ට අගෝස්තු මාසයේ යළිත් අවස්ථාව හිමි වන අතර, ලිඛිත අභියාචනා සහ විරෝධතා ජූලි 10 දා තෙක් ඉදිරිපත් කළ හැකි වේ.

“අස්වැසුම” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන සඳහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අයදුම්පත් මිලියන 3.7ක් ලැබී ඇති අතර, සිදු කළ සමීක්ෂණයෙන් පසුව අයදුම්පත් මිලියන 3.3 ක් තෝරා ගෙන ඇත.

මීට සමගාමීව ක්‍රියාත්මක වන වැඩිහිටි දීමනා, වකුගඩු රෝගී දීමනා හා ආබාධිත දීමනා ලබාදීමට අදාළ නාම ලේඛනය එළැඹෙන සතිය තුළ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම