නව යුගයේ ජනතාවට වඩාත් සුන්දර ජීවිතයක් උරුම කර දීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය ඇපකැප වෙයි
2023-06-30 17:47:04
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ ශත සංවත්සරය 2021 වසරේ ජූලි පළමුවැනි දිනට යෙදිණ. එම අවස්ථාවේ දී, එහි මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා අභිමානවත් අයුරින් ප්‍රකාශයට පත් ‍කළේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, චීන මහජනතාව සිය දෙවැනි සියවස් ඉලක්කය සාක්ෂාත් කරගැනීමේ නව ‘දැවැන්ත මාර්ගයකට’ පිවිස ඇති බවයි.

2012 වසරේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු, ෂී ජින් පිං මහතා බොහෝ අවස්ථාවල දී මෙම ‘දැවැන්ත මාර්ගය’ ඔස්සේ අඛණ්ඩ ව ගමන් කිරීමේ අත්‍යවශ්‍යතාව අවධාරණය කර තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂය සිය මුල් අභිලාෂය තරයේ සිහි තබාගනිමින්, වඩාත් සුබ අනාගතයක් උදෙසා තිර අදිටනින් ක්‍රියාකළ යුතු බව ද හෙතෙම කියාසිටී.

නව යුගයක, මැනැවින් ඉදිරියට ගමන් කිරීමේ දී සිය අතීත පා සටහන් අමතක නොකළ යුතු ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය අවසන් වී සතියකට අඩු කාලයක් තුළ, ෂී ජින් පිං මහතා ගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෝ චීන විප්ලවය පිළිබඳ අභිමානය කියා පාන Yan’an හි විප්ලව සැමරුම් ස්ථාන නැරඹූහ. නව මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ජනතාව වෙනුවෙන් ඇපකැප වනු ඇති බවට දැඩි අධිෂ්ඨානයක් එමගින් පිළිබිඹු වේ.

එපමණක් නොව, ෂී ජින් පිං මහතා ගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් බොහෝ අවස්ථාවල දී චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය හා කොමියුනිස්ට් පක්ෂයේ මුල් අභිලාෂයන් සිහිපත් කර ඇත.

2021 වසරේ ජූලි පළමුවැනි දා අතිඋත්කර්ෂවත් අයුරින් පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය සැමරීමේ උත්සවයේ දී ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ ගතවූ වසර සියය තුළ, චීන කොමියුනිස්ට් පක්ෂය, ජනතාවටත් ඉතිහාසයටත් විශිෂ්ට පිළිතුරු පත්‍රයක් ඉදිරිපත් කර ඇති බවයි. තම තමන්ගේ අධිෂ්ඨානයන් මෙන්ම මූලික අභිලාෂය තහවුරු කර, මහජනතාවට සුන්දර ජීවිතයක් උරුම කරදීමටත්, පක්ෂයේ හා ජනතාවගේ අභිමානය වෙනුවෙන් ඇපකැප වන ලෙසත් ෂී ජින් පිං මහතා එහිදී සමස්ත කොමියුනිස්ට් පක්ෂ සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම