රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණයට නවසීලන්තයෙන් විශේෂඥ දැනුම
2023-06-30 14:37:06
Share with:

මෙරට රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා විශේෂඥ දැනුම ලබා දීමට නවසීලන්තය සූදානම් බව, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා පවසයි.  ඔහු මේ බව පැවසුවේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග 28 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති හමුවක දී ය.

වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව ගන්නා පියවර, ණය ප්‍රතිව්‍යුහගතකරණය, වෙළෙඳ හා ආයෝජන, මැතිවරණ ප්‍රතිසංස්කරණයට අදාළ කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුවිය. ශ්‍රී ලංකාව සමඟ කෙරෙන ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස අගමැතිවරයා මෙහිදී මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම