මෙරට අපනයන ආදායම ඉහළට
2023-06-30 19:00:28
Share with:

ඉකුත් වසරට සාපේක්ෂව පසුගිය මැයි මාසයේ දී මෙරට ආනයන අපනයන වෙළෙඳ පරතරය වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙරට ආර්ථිකයේ බාහිර අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සිය නවතම වාර්තා ඉදිරිපත් කරමින් මහබැංකුව මෙම අනාවරණය සිදුකළේය.‍

මේ වසරේ මැයි මාසයේ වෙළෙඳ පරතරය ඇමරිකානු ඩොලර් මිලියන 447 ක් වූ අතර, එය පසුගිය වසරේ මැයි මාසයේ සටහන් වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 403 ක් ලෙසයි. ඒ අනුව 2022 පෙබරවාරි මාසයෙන් පසු වෙළෙඳ පරතරය පුළුල් වීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

මේ අතර 2023 මැයි මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ශ්‍රී ලංකාව ඉපයූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1019 ක් වන අතර  අප්‍රේල් මාසය හා සසඳන විට එය කැපී පෙනෙන ඉහළ යාමකි.

මැයි මාසයේ දී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ  ද අමෙරිකානු ඩොලර් මිලියන 480 දක්වා ඉහළ ගොස් තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම