චීනයෙන් බදුල්ලේ ජනතාවට සහනාධාර
2023-06-29 16:59:29
Share with:

බදුල්ල දිස්ත්‍රික්කයේ  අඩු ආදායම්ලාභී  පවුල් 1000 ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ‌ෂෙංහොං මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. බදුල්ල මුතියංගණ රාජමහා විහාරස්ථානයේ දී එම ආහාර පාර්සල් බෙදාදෙනු ලැබීය.

චීන ෆාෂියන් පුණ්‍ය භාරය, එරට බෞද්ධ විහාරස්ථාන සහ චීන බෞද්ධ ජනතාව විසින් ශ්‍රී ලාංකීය ජනතාවට වියලි සලාක පරිත්‍යාග කිරිමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාවට නැංවිණ.  

මෙම වියළි ආහාර ද්‍රව්‍ය පාර්සලය රුපියල් 7500 ක පමණ වටිනාකමින් යුක්ත වේ. බදුල්ල, හාලිඇල හා සොරණාතොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් තෝරාගැනුණු අඩු ආදායම්ලාභී පවුල් වෙත මේවා ප්‍රදානය කෙරේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම