දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් බැංකු නිදහස් කෙරේ
2023-06-29 16:58:30
Share with:

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් බැංකු නිදහස් කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එම තීරණය ගෙන ඇත්තේ මේ වනවිටත් බැංකු 50% ක පමණ බදු ගෙවීම සැලකිල්ලට ගනිමිනි.

එසේම, භාණ්ඩාගාර බිල්පත්වල සිදුකෙරෙන පොළී සංශෝධන පිළිබඳව ද මහ බැංකු අධිපතිවරයා කරුණු ඉදිරිපත් කර තිබේ. ඔහු මේ කරුණු දක්වා ඇත්තේ, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (29) පැවති සාකච්ඡාවක දී ය.

මේ අතර,ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට අද (29)  මුදල් පිළිබඳ කාරක සභාව ද රැස්වෙයි. අදාළ යෝජනාවලියට එම සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසු එය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම