ජගත් ප්‍රජාවේ විශ්වාසය යළිත් තහවුරු කරන ගිම්හාන ඩාවොස් සංසදය
2023-06-29 14:38:27
Share with:

චීනයේ ටියැන්ජින් නගරයේ පැවැත්වෙන ගිම්හාන ‍ඩාවොස් සංසදය 100කට ආසන්න රටවල් හා කලාපවල දේශපාලන හා වාණිජ  නියෝජිතයෝ 1500කට වැඩි පිරිසක් සහභාගී වී ඇත. ‘ව්‍යවසායකත්වය, ලෝක ආර්ථිකයේ ගාමක බලවේගය’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සංසදයේදී ‘ගෝලීය වර්ධනය යළි ගොඩනැගීම’ කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.

වර්ධනය සාක්ෂාත් කර ගැනීමට නම් ශක්‍යතාවය අත්‍යවශ්‍ය වනු ඇත. ඒ අනුව සලකා බැලූ විට ලොව දෙවැනි විශාලතම ආර්ථිකය හා භාණ්ඩ වෙළඳ වටිනාකම අනුව අඛණ්ඩව වසර හයක් පුරා ලොව පළමු ස්ථානයේ පසු වන චීනය, විවිධ රටවල අවධානයට ලක් වී තිබේ. ගෙවී ගිය දශකයක් තුළ සාමාන්‍ය වාර්ෂික ආර්ථික වර්ධන අනුපාතය සියයට 6.2ක් පෙන්නුම් කළ චීනය, ලෝක ආර්ථිකයට සියයට 30ක පමණ දායකත්වයක් එක් කරමින් ගෝලීය ආර්ථික වර්ධනයෙහි ප්‍රමුඛතම ගාමක බලය බවට පත්ව ඇත. මෙම වසරේ චීන ආර්ථිකයේ ගෝලීය දායකත්වය සියයට 36ක් වනු ඇතැයි පුරෝකථනය කළ හැකි බව ලෝක ආර්ථික සංසදයේ අධ්‍යක්ෂ ජනරාල් Borge Brende මහතා ද පෙන්වා දෙයි

‘අවදානම් අවම කිරීමට චීනය සමග සම්බන්ධතා නතර කරන්න ’ යැයි බටහිර රටවලින් යම් පෙළඹවීම් තිබුන ද, එය මෙවර ගිම්හාන ‍ඩාවොස් සංසදයට එක්ව සිටින ව්‍යාපාරිකයින්ගේ මතයට කිසිසේත්ම බලපා නොමැත. ‘එසේ කිරීමෙන්, සහයෝගිතා හා සංවර්ධන අවස්ථාවලින් ඈත්වීමක් සිදු වන අතර, එය ආර්ථික යාන්ත්‍රණයට සම්පූර්ණයෙන් පටහැනි කිසිසේත් පිළිගත නොහැකි තත්ත්වයක්’ බව ද ඔවුහු ප්‍රකාශ කළහ. කැපීපෙනෙන ලෙස ගෝලීයකරණය වන වර්තමාන ලෝකයේදී, සංවර්ධනය හා සහයෝගිතාව බැහැර කළහොත්, එය සැබවින්ම අවදානමකි. එකිනෙකා සමග පවතින සම්බන්ධතාවන් නතර වූ ලෝකයක් නම්, එහි ගෝලීය දළ දේශීය නිෂ්පාදිත වටිනාකම සියයට 7ත් 9ත් අතර ප්‍රමාණයකින් අහිමි වනු ඇතැයි ලෝක ආර්ථික සංසදය ද අනාවැකි පළ කර ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම