බදු පිළිබඳ ගැටලු කඩිනමින් විසඳීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට පියවර
2023-06-29 17:00:10
Share with:

බදු අය කර ගැනීමේදී මතුවන නෛතික ගැටලු කඩිනමින් විසඳීම සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම ඇතුළු විශේෂ යෝජනා මාලාවක් නුදුරේදීම ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම යෝජනාවලිය බදු අය කර ගැනීමේ ක්‍රියාවලිය ආශ්‍රිත ප්‍රායෝගික ගැටලු පිළිබඳ  කරුණු රැසකින් සමන්විත බව ද හෙතෙම කියාසිටී.

රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමේ දී, බදු අය කිරීමේ  විධිමත්භාවය තීරණාත්මක සාධකයකි.  තවමත් මෙරට පවතින්නේ ස්වේච්ඡා බදු ක්‍රමයක් බවත්, එම ක්‍රමය කඩිනමින් සංශෝධනය කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය. ඔහු මේ අදහස් පළ කළේ, 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ඊයේ (28) සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම