බහුපාර්ශ්වීය ලෝකයක් නිර්මාණය කිරීමේ දී තම රට වෙත පැවරෙන කාර්යභාරය චීනය නිසි ලෙස ඉටුකරනු ඇතැයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා කියාසිටී
2023-06-28 17:52:42
Share with:

ලෝක ආර්ථිකය යළි ප්‍රකෘතිමත් භාවයට පත්කිරීම සඳහා චීනය ඉටුකරන කාර්යභාරය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා විශ්වාසය පළකරයි. 14 වැනි ගිම්හාන ඍතු ඩාවොස් සංසදයට එක් ව සිටින අමාත්‍යවරයා මේ බව පැවසුවේ, CGTN නාලිකාව වෙත කළ අදහස් දැක්වීමක දී ය.

අමාත්‍යවරයා පවසන්නේ ලොව මෙතෙක් පැවති ඒකපාර්ශ්වවාදය අවසන් වෙමින් පවතින බවයි. බහුපාර්ශ්වවාදය කරා ලෝකය ගමන් කරමින් සිටී. ගෝලීය වශයෙන් බලාධිකාරයන් දැරිය යුත්තේ එක් රටක් පමණක් නොවේ. ජනතාව ද ඉන් වෙහෙසට පත්වනු ඇත. බහුපාර්ශ්වීය ලෝකයක් නිර්මාණය කිරීමේ දී තම රට වෙත පැවරෙන කාර්යභාරය නිසි ලෙස ඉටුකිරීමට චීනය සමත් වනු ඇතැයි අමාත්‍යවරයා තම විශ්වාසය පළකළේය.

චීනයේ Tianjin නගරයේ දී ඊයේ (27) ඇරඹුණු ගිම්හාන ඍතු ඩාවොස් සංසදය හෙටින් (29) අවසන් වෙයි.  

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම