දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බැංකු පද්ධතියට හෝ කිසිදු තැන්පතුවකට හානියක් නොවන බව ජනපති කියයි
2023-06-28 16:38:04
Share with:

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් සේවක අර්ථසාධක අරමුදල ඇතුළු කිසිදු මහජන අරමුදලක සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බවත්, අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතයට ද කිසිදු ආකාරයක බලපෑමක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ගම්පහ දිස්ත්‍රික් ලේකම් පරිපාලන සංකීර්ණය 'ලක්සියනෑ මන්දිරය' ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ (27) සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

එසේම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවට හෝ රටේ මිලියන 50 කට අධික බැංකු තැන්පතුකරුවන්ගේ කිසිදු තැන්පතුවකට මෙහි බලපෑමක් නොමැති බවත් වික්‍රමසිංහ මහතා පැවසීය. දැනට ගෙවනු ලබන කිසිදු බැංකු තැන්පතු පොළියකට ද මින් බලපෑමක් එල්ල නොවේ.

විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද (28) පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

මේ වනවිට චීනයේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එරට විදේශ අමාත්‍ය චිං ගං මහතා සමඟ අදහස් හුවමාරු කරගැනීමේ දී දෙරට අතර බහුපාර්ශ්වීය සහ ආර්ථික සබඳතා සවිමත් කරගැනීමට එකඟ වී ඇති බව ද රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී.

එසේම, චීන මුදල් අමාත්‍ය Liu Kun මහතා සමග බෙයිජිං නුවර  පැවති සාකච්ඡාවේ දී මෙරට ආර්ථික ස්ථායීකරණය සහ ස්ථාවර ප්‍රගතිය වෙනුවෙන් වන සැලසුම පිළිබඳ දැනුවත් කර ඇති බවත්, පසුගිය අර්බුදකාරී සමයේ චීනය දුන් විශේෂ දායකත්වය පිළිබඳව අලි සබ්රි මහතා ස්තුතිය පිරිනැමූ බවත් ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම