බැංකු පනත සංශෝධනයට පියවර
2023-06-28 16:46:25
Share with:

මෙතෙක් පැවති 1988 අංක 30 දරන බැංකු පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

තිරසර ආර්ථික වර්ධනයට සහාය වන ගතික සහ ඔරොත්තු දීමේ හැකියාවක් සහිත බැංකු අංශයක් පවත්වාගෙන යෑමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් මෙම පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

රටේ ආර්ථික වර්ධනයට බාධාවක් නොවන ආකාරයෙන් බැංකු අංශය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ අවධානය යොමු කරමින් මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබිණ.

මේ අනුව, කළ යුතු බවට හඳුනාගෙන ඇති සංශෝධන ඇතුළත් කරමින් 1988 අංක 30 දරන බැංකු පනත සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම