අධ්‍යාපනයේ ව්‍යුහාත්මක හා ගුණාත්මක පරිවර්තනයකට සැලසුම්
2023-06-28 16:44:41
Share with:

අධ්‍යාපනයේ ව්‍යුහාත්මක හා ගුණාත්මක පරිවර්තනයක් උදෙසා අධ්‍යාපන තාක්ෂණවේදය, විද්‍යාව හා තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පුළුල් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියාසිටී. ඔහු මේ බව පැවසුවේ,  වොෂින්ටන් නුවර පිහිටි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ප්‍රධාන ක්‍රියාකාරී නිලධාරීන් සහ නියෝජ්‍ය පරිපාලක අංජලී කෞර් මහත්මිය සමග ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය හා අවශ්‍යතා පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවේ දී ය.

එම නියෝජිත ආයතනය විසින් මෙරටට ලබා දී ඇති ආධාරවල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරුණු අතර, පවතින අන්තර් සහයෝගිතාව වැඩිදියුණු කිරීම සඳහා නව ප්‍රවේශයන් ද සොයා බැලිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම