ව්‍යාජ තොරතුර බැහැර කර චීනයේ Xinjiang උයිගුර් ස්වායත්තයේ සත්‍ය තත්ත්වය අවබෝධ කර ගන්නා ජගත් ප්‍රජාව
2023-06-28 10:02:35
Share with:

චීනයේ Xinjiang උයිගුර් ස්වායත්තයේ  සත්‍ය තත්ත්වය කෙබඳු ද යන්න වඩාත් වැඩි විදේශ පුද්ගලයන් විසින්  දැක තිබේ. පසුගිය වසර කිහිපය තුළ, රටවල් සහ කලාප 100කට වැඩි ප්‍රමාණයකින් රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ මාධ්‍යවේදීන් 1,000කට වැඩි පිරිසක් Xinjiang වෙත පැමිණ තිබේ. ඔවුන් පෞද්ගලිකව Xinjiang හි සුන්දරත්වය, සමගිය සහ සංවර්ධනය අත්විඳ තිබේ.

ප්‍රංශ ලේඛක සහ මාධ්‍යවේදී Maxime Vivas මහතා තෙවරක් Xinjiang වෙත ගොස් ඇති අතර, "උයිගුර් ව්‍යාජ ප්‍රවෘත්තියේ අවසානය" නමැති පොතක් ද ඔහු විසින් රචනා කර තිබේ. බොහෝ බටහිර මාධ්‍ය වාර්තාවන්හී අසත්‍ය තොරතුරු බහුතර පිරිස් තේරුම් ගෙන ඇති අතර, දේශපාලන අරමුණු වෙනුවෙන් බටහිර මාධ්‍ය චීනයට මඩ ගසන බව, Maxime Vivas මහතා සඳහන් කළේ ය.

ඒ අතරම, දත්ත මගින් ද Xinjiang හි සමෘද්ධිය සහ සංවර්ධනය සනාථ වෙයි. 2020 අවසානයේ දී Xinjiangහි නිරපේක්ෂ දරිද්‍රතාවය තුරන් කෙරිණ. මෙම වසරේ පළමු කාර්තුවේදී, Xinjiang හි දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් බිලියන 414.9ක් වූ අතර, එය පසුගිය කාලසීමාවට වඩා 4.9%ක වැඩි වීමකි. මෙම වසරේ මුල් මාස පහ තුළ, Xinjiang වෙත පැමිණි සංචාරකයින්ගේ වාර ගණන මිලියන 72.7කි. එය පසුගිය වසරේ සමාන කාලසීමාවට වඩා 34.9%ක වර්ධනයකි. වර්තමානයේ, Xinjiang හි ආර්ථිකය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින අතර, සමාජය සමගි සම්පන්න  සහ ස්ථාවරය. එහි මානව හිමිකම් සංවර්ධනය ඉතිහාසයේ හොඳම කාල පරිච්ඡේදයේ පවතී.

මෙය ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගෙන තිබේ. මෑත වසරවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්වීම්වල දී, රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවක් Xinjiang ඇතුළු ප්‍රශ්න සම්බන්ධයෙන් චීනයේ සාධාරණ ස්ථාවරයට අඛණ්ඩව සහාය දක්වා ඇති අතර, බටහිර රටවල දේශපාලන අරමුණු ඔවුහූ හෙළා දුටහ. ඉන් ජාත්‍යන්තර ප්‍රජාවේ විනිශ්චය සම්පූර්ණයෙන්ම පිළිබිඹු කර ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම