ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ක්‍රීඩා උළෙල Chengdu නගර සංවර්ධනයට නව තේමාවක්
2023-06-27 15:58:02
Share with:

ලබන 28 වැනිදා සිට අගොස්තු 8වැනි දා දක්වා ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ  31වැනි ක්‍රීඩා උළෙල නිරිතදිග චීනයේ Chengdu නගරයේදී පැවැත්වීමට නියමිතයි. මෙම ක්‍රීඩා උළෙල චීනයේ පැවැත්වෙන තුන්වන අවස්ථාව මෙයයි. ‘ ක්‍රීඩා සැණකෙළියක් මැනවින් පවත්වා නගරයට උද්‍යෝගයක් එක් කරමු ’ යන්න Chengdu හි අපේක්ෂාවයි.

වඩාත් වෘත්තිමය හා සාධනීය ක්‍රීඩා පහසුකම් මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීම තුළින් තවදුරටත් අත්විඳීමට හැකිවීම එහි වැසියන්ට ලැබුණු මහඟු අවස්ථාවක්. එසේ ම, Chengdu නගර‍යේ මීට පෙර පැවැත්වුණු පැසිපන්දු, පාපන්දු, ටෙනිස් ඇතුළු විවිධ තරගාවලි සඳහා යොදා ගෙන ඇති ක්‍රීඩාංගන 17ක් මේ වන විට, ජනතා අයිතියට පත් කර තිබෙනවා. මේවා නොමිලේ හෝ අඩු ගාස්තු යටතේ පරිහරණය කළ හැකියි.

මෙවර ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ක්‍රීඩා උළෙල සඳහා අලුතින් ඉදි කර ඇති ක්‍රීඩාංගන 13ක් නවීකරණ ආකාරයෙන් හා විස්තීර්ණ භාවයෙන් යුක්තව සකස් කර තිබෙනවා. එමෙන් ම, පැරණි ක්‍රීඩාංගන 36ක් ජාත්‍යන්තර A ශ්‍රේණියට අනුකූලව ප්‍රතිසංස්කරණය කර තිබීම විශේෂත්වයක්.

විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසු, Chengdu විශ්වවිද්‍යාලයේ පිහිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත නවාතැන් පහසුකම් සලසන කලාපය එම විශ්වවිද්‍යාලයේ අදාළ අධ්‍යයන කටයුතු සඳහා යොදා ගැනීමට ද අපේක්ෂිතයි.

2025 වසර වනවිට, Chengdu නගරය ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි පැවැත්වීම සඳහා වන කීර්තිමත් නගරයක් බවට පත් කිරීමට අපේක්ෂා කෙරෙනවා. ක්‍රීඩා තරගාවලි පැවැත්වීම තුළින් නගරයේ සංවර්ධනය සඳහා නව සන්නාමයක් ගොඩනැගෙනු ඇති බවට එමගින් තහවුරු වනු නිසැකයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම