මහාවංශය ලෝක උරුමයන් අතරට
2023-06-27 15:52:19
Share with:

ආසියාවේ ප්‍රමුඛ පෙළේ ඓතිහාසික මූලාශ්‍රයක් වශයෙන් සැලකෙන මහාවංශය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ.

2023 ලෝක උරුම ලැයිස්තුවට නව උරුම 64 ක් එක්කර ඇති අතර, ඒ අනුව එහි අන්තර්ගත උරුමයන් සංඛ්‍යාව 494 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මහාවංශය ලෝක උරුම ලේඛනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් යුනෙස්කෝ සංවිධානය පවසන්නේ, ක්‍රිස්තු පූර්ව 06 වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා යුගය ආවරණය කෙරෙන තොරතුරු මහාවංශයේ ඇතුළත් බවයි.

ලොව දීර්ඝතම මෙන්ම නොබිඳුණු ඵෙතිහාසික වාර්තාවලින් එකක් ලෙස මහාවංශය සැලකේ. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ මගින් එහි දක්වා ඇති කරුණුවල සත්‍යතාව තහවුරු වී ඇති බව ද යුනෙස්කෝ සංවිධානය පවසයි.

බුදුන්වහන්සේ, අශෝක අධිරාජයා සහ ලෝක ආගමක් ලෙස බුදුදහමේ නැඟීම පිළිබඳ තීරණාත්මක තොරතුරු ඇතුළත් මහාවංශය දකුණු ආසියාවේ වැදගත් මූලාශ්‍රයකි. මහාවංශයේ අත්පිටපත් ගණනාවක් රටවල් කිහිපයක පවතින අතර, අග්නිදිග ආසියාතික සහ යුරෝපා භාෂා කිහිපයකටම එය පරිවර්තනය කරනු ලැබ තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම