ෂී ජින්පිං මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක මේ සියවසේ දැවැන්තම සංවර්ධන සංග්‍රාමය- “ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යි ”
2023-06-26 16:07:12
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, වත්මන් ගෝලීය දේශපාලන ක්ෂේත්‍රයේ හමුවන දූරදර්ශී පරිණත නායකයෙකි. රටක සංවර්ධනය උදෙසා වැදගත් වන සියලු අංශ කෙරෙහි අවධානය යොමුකරමින්, කාලීන පරිවර්තනයන්ට නිසි ලෙස ප්‍රතිචාර දැක්විය හැකි සංවර්ධන දැක්මක් හෙතෙම අනුගමනය කරයි. එය හුදෙක් චීනයට පමණක් නොව සමස්ත ලෝකයේම සංවර්ධනයට ඉතා වැදගත් වන බව චීනයේ සන්නිවේදන විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරී පර්යේෂක චින්තක පත්මේන්ද්‍ර මහතා පවසයි.

ෂී ජින්පිං මහතාගේ නායකත්වය යටතේ ඇරඹුණු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉතා සාර්ථකව දස වැනි සංවත්සරය දක්වා පැමිණ ඇත. ලෝකයේ විවිධ කලාපවලට බහුවිධ සංවර්ධනයක් සාක්ෂාත් කරවීමට මෙම ව්‍යාපෘතියට හැකි ව තිබේ. එමෙන්ම මෙම ව්‍යාපෘතිය හේතුවෙන්  අද වන විට ශ්‍රී ලංකාව ඇතුළු ‍ලොව බොහෝ රටවල සිසුන්ට චීනයේ උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා හිමිව ඇති බව ද හෙතෙම කියාසිටී.

වර්තමාන ලෝකයේ ආර්ථික සන්දර්භය තුළ ස්වාධීන රාජ්‍ය ලෙස ක්‍රියා කිරීමේ අවස්ථාව “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ මගින් උදා කර දී තිබීම ඉතා සුවිශේෂ වේ. සියලු අංශ වෙත සංවර්ධනයේ ප්‍රතිලාභ හිමි කර දෙන, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ මේ සියවසේ දැවැන්තම සංවර්ධන සංග්‍රාමය වන බව ද චින්තක පත්මේන්ද්‍ර මහතා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම