කොළඹට ජාතික උරුම කලාපයක්
2023-06-26 15:33:36
Share with:

කොළඹ පිහිටි පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලිවලින් සමන්විත ප්‍රදේශය ජාතික උරුම කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත එය ක්‍රියාවට නැංවේ.

මේ වන විට එවැනි ඉඩම් සහ ගොඩනැඟිලි 35 ත්,  40 ත් අතර සංඛ්‍යාවක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

එවැනි ඉඩම් සංවර්ධන කටයුතු සඳහා දිගුකාලීන බදු පදනම යටතේ ආයෝජකයන්ට විවෘත කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බව ද හෙතෙම පැවසීය. එම ඉඩම් හා ගොඩනැගිලි සංවර්ධනය කිරීමේ දී පෞරාණිකත්වයට කිසිදු හානියක් නොවන පරිදි  එම කටයුතු ඉටුකිරීම අනිවාර්ය බව ද ඔහු අවධාරණය කළේය.

නිමේෂ් හේරත් මහතා මේ අදහස් පළකළේ කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්”ආයතනය මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම