දවස් පහේ බැංකු නිවාඩුව පිළිබඳව මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
2023-06-26 15:30:25
Share with:

දින 5 ක දීර්ඝ බැංකු නිවාඩු කාලය තුළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියාසිටී. ඒ අනුව, රජය සහ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ජූනි 30 සිකුරාදා බැංකු නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ බව ද හෙතෙම පවසයි.

මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළ කළේ, විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.  

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාලපරාසයක් අවශ්‍ය බවත්, ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගැනීම, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තු කමිටු තුළ සාකච්ඡා කිරීම සඳහා කාලයක් අවශ්‍ය බවත් වීරසිංහ මහතා පැවසීය. ඒ අනුව, දීර්ඝ බැංකු නිවාඩු කාලය තුළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

එම ක්‍රියාවලිය තුළ දී මෙරට කිසිදු බැංකුවක කිසිදු තැන්පතුවකට හානියක් නොවන බව ද ඔහු අවධාරණය කළේය.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම