විදුලි ගාස්තු සං‍‍ශෝධනයට මහජන උපදේශන සැසියක්
2023-06-25 14:48:54
Share with:

විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ඒ අනුව ලබන අඟහරුවාදා දිනයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම මහජන උපදේශන සැසිය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

විදුලි ගාස්තු වැඩිවීම හෝ අඩුවීම සම්බන්ධයෙන් එහිදී මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව පවතී. වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුළු ඕනෑම අයෙකුට මේ සඳහා අදහස් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම