වැදගත් සහයෝගිතා ජයග්‍රහණයන් අත්කර දුන් චීන අගමැතිවරයාගේ ජර්මන් සහ ප්‍රංශ සංචාර
2023-06-25 20:08:37
Share with:

චීන අගමැති ලී ච්‍යං මහතාගේ ජර්මනියේ සහ ප්‍රංශයේ සංචාරය ඊයේ (24) අවසන් විය. පසුගිය සතිය තුළ, ඔහු ජර්මනියේ සහ ප්‍රංශයේ දේශපාලන සහ ව්‍යාපාරික ක්ෂේත්‍රවල පුද්ගලයින් බොහෝ පිරිසක් හමු වී ‍ඇත. චීනයේ සංවර්ධනය ලෝකයට තර්ජනයක් නොව අවස්ථාවක් බව ලී ච්‍යං මහතා එහිදී අවධාරණය කළේය. “චීනයෙන් විසංයෝජනය කිරීම්වලට” විරුද්ධ වන අතර එවැන්නකට කිසිදා සහාය නොදක්වන බවත්, ඕනෑම ආකාරයක කණ්ඩායම් අතර ගැටුමකට විරුද්ධ වන බවත් ජර්මනියේ සහ ප්‍රංශයේ නායකයෝ පැහැදිලිව ප්‍රකාශ කර ඇත.

2022 වසරේ අවසානයේ සිට, චීනය සහ යුරෝපය අතර උසස් මට්ටමේ හුවමාරුවල නව පිබිදීමක් ඇති විය. ජර්මන් චාන්සලර් Olaf Scholz මහතා, ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා ඇතුළු බොහෝ යුරෝපීය රටවල නායකයින් චීනයේ සංචාරයන්හි නිරත වූ අතර, ද්විපාර්ශ්වික සබඳතා හා චීන-යුරෝපා සහයෝගීතා ශක්තිමත් කිරීම පිළිබඳව චීනයේ ඉහළ මට්ටමේ නායකයින් සමඟ වැදගත් එකඟතාවයන්ට ද පැමිණ ඇත. මෙවර ලී ච්‍යං මහතාගේ සංචාරයේ අරමුණ වූයේ එම එකඟතා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් අදාළ සහයෝගීතා ප්‍රවර්ධනය කිරීමයි.

හත්වන වටයේ චීන-ජර්මානු අන්තර් රාජ්‍ය සාකච්ඡාව හරහා දේශගුණික විපර්යාසයන්ට  මුහුණ දීම, නවෝත්පාදනය සහ උසස් නිෂ්පාදන පිළිබඳ සහයෝගීතා ගිවිසුම් මාලාවක් අත්සන් කෙරිණ. ප්‍රංශයේ සංචාරයේදී, දෙරටේ නායකයින්ගේ උපායමාර්ගික එකඟතාව ක්‍රියාවට නැංවීම පිළිබඳව, දෙපාර්ශ්වය ගැඹුරුව අදහස් හුවමාරු කර ගත් අතර, නව ගෝලීය මූල්‍යකරණ එකඟතාවන් පිළිබඳ සමුළුවට එක් වී ඇත. චීනය තවමත් ජර්මනිය සහ යුරෝපයේ වැදගත් හවුල්කරුවෙක් බව ජර්මනියේ Der Tagesspiegel පුවත්පත ද වාර්තා කර ඇත. චීන-ප්‍රංශ සහයෝගීතාව පුළුල් කිරීම හරහා දෙරටේ සබඳතාව ස්ථාවර කළ හැකි බව ප්‍රංශයේ Nouvelles D'Europe පුවත්පත ද අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම