ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට ඇමරිකාවේ සහය
2023-06-24 15:59:16
Share with:

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට ඇමරිකාවේ සහාය ලබා දෙන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය ප්‍රකාශ කරයි.


නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගීවීම සඳහා පැරිස් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරිය අතර සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශ කළාය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන කටයුතුවලදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජනපද මහා භාණ්ඩාගාර ලේකම්වරිය දැනුවත් කළේය.


ශ්‍රී ලංකාවේ සංවර්ධන න්‍යාය පත්‍රය සහ “දේශගුණ සෞභාග්‍ය සැලැස්ම” පිළිබඳව ද ජනාධිපතිවරයා අදහස් දැක්වූ අතර මෙම ක්‍රියාවලියේදී පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීම රජයේ අභිප්‍රාය බවද පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම