රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව
2023-06-24 15:54:45
Share with:

රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම ජාතික භෞතික සැලැස්මට අදාළ කෙටුම්පත මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා මහජනතාවගේ ද අදහස් ලබා ගෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර එය සම්මත කිරීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2048 රටේ සංවර්ධන දැක්මට සමගාමීව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත්, මෙරට අධිවේගී මාර්ග ඇතුළු මූලික සංවර්ධන වැඩසටහන් රැසක් ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක වන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම