උද්ධමනය පිළිබඳ නවතම පුරෝකථනයක්
2023-06-23 16:29:58
Share with:

පසුගිය කාලය තුළ ගත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම, ඉන්ධන හා ගෑස් මිල අඩු වීම, ආහාර මිල ගණන් යථා තත්ත්වයට පත් වීම යන කරුණු අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය මින් පෙර පැවති පුරෝකථනයන්ට වඩා වේගයෙන් අඛණ්ඩව පහළ ගොස් ඇති බව මහ බැංකුව ජුනි මස නවතම වාර්තා මඟින් පෙන්වා දෙයි.

ඒ අනුව ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 අප්‍රේල් මස පැවති සියයට 27.8 හි සිට 2023 මැයි මාසයේ දී සියයට  20.3 දක්වා පහත වැටී තිබේ. ඒ අනුව මහ බැංකුවේ නවතම පුරෝකථනවලට අනුව 2023 වසරේ තුන්වන කාර්තුව මුල් භාගයේදී මතුපිට උද්ධමනය තනි අගයක මට්ටමට ළඟාවනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, මැදි කාලීනව උද්ධමනය තනි අගයක මට්ටමේ ස්ථායි වනු ඇති බව මහ බැංකුව අපේක්ෂා කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම