වසර 20ක් පැරණි පාරිභෝගික අධිකාරිය පිළිබඳ පනත සංශෝධනයට පියවර
2023-06-23 18:11:56
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් සහල් ආනයනය කිරීමට රජය වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 350ක පමණ මුදල රටට ඉතිරි කර ගැනීමට හැකි වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. එසේම පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් වසර 20ක් පැරණි පාරිභෝගික අධිකාරිය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේදී මෙරට අලෙවි කරන සෑම භාණ්ඩයකම උපරිම මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය බවත්, එසේ නොකරන සමාගම්වලට හා නිෂ්පාදකයන්ට එරෙහිවත් නීතිමය පියවර ගන්නා බවත් නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (22) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.




ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම