ශ්‍රී ලංකාවට සහය ලබාදීමට UNHRC සූදානම්
2023-06-22 16:38:49
Share with:

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සහය ලබාදීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සූදානම් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව නියෝජ්‍ය මහකොමසාරිස් නාඩා අල් නෂීෆ් මහත්මිය පවසයි.

ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය මහකොමසාරිස්වරිය මේ බව කියාසිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ දේශපාලන පක්ෂ සමග ආරම්භ කර ඇති සාකච්ඡා පිළිබඳව සතුට පළ කරන බවත් පුරාවිද්‍යා, වන වගා හෝ ආරක්ෂක අරමුණු සඳහා ඉඩම් අත්පත් කරගැනීම නැවැත්වීමට ගෙන ඇති තීරණය පිළිබඳව ද ප්‍රසංශා පළ කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම