2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ඇරඹේ
2023-06-22 16:39:58
Share with:

2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අද සිට ලබන 25 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව කර්මාන්ත අමාත්‍යංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධාන කරයි.

එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් අද(22) පැවැත්විණ. ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන රැසක් නියෝජනය කරමින් කර්මාන්ත කේෂ්ත්‍ර 20 ක ප්‍රදර්ශන කුටි 700 කට අධික ප්‍රමාණයක් මෙවර ප්‍රදර්ශනයට එක්වෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම