අපනයන කෘෂි ආර්ථිකයක් ඇති කරන ජනපතිගේ කෘෂි නවීකරණ වැඩපිළිවෙළ
2023-06-22 16:37:26
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්මාන්තයට තාක්ෂණය එක් කිරීම මඟින් අපනයන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට සැලසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය, මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය විදේශ විනිමය උපයන අමාත්‍යංශයක් බවට පත්වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ ඊයේ (21) පැවති “ස්ථාවර රටකට සැවොම එක මඟකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

වී ගොවිතැන සඳහා අවශ්‍ය සියලු පහසුකම් නිසි කලට සැපයීමට රජය කටයුතු කිරීම හේතුවෙන් මෙවර මහ කන්නයේ සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බව සඳහන් කළ අමාත්‍යවරයා හෙක්ටයාරයකට පෙරට වඩා වැඩි වී අස්වැන්නක් ලබා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණය පිළිබඳ මේ වන විටත් සොයා බලමින් සිටින බව ද ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම