පොදු අරමුණක් වෙත ලෝකය මෙහෙයවන චීන ජනාධිපතිගේ ගෝලීය සංවර්ධන මුලපිරුම
2023-06-22 16:09:48
Share with:

2021 වසරේ සැප්තැම්බර් මාසයේ 21වනදා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 76වන එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ සාමාන්‍ය විවාදයකට එක් වෙමින් ගෝලීය සංවර්ධන මුලපිරුම ඉදිරිපත් කළේය. එය සියයකට වැඩි රටවල් සහ ජගත් සංවිධානවල ද පැසසුමට ලක් විය. පසුගිය වසරේ ජූනි මාසයේ 24වනදා පැවති ගෝලීය සංවර්ධනය පිලිබඳ උසස් සංවාදයේ මුලසුන දරමින් ෂී ජින්පිං මහතා ගෝලීය සංවර්ධන මුලපිරුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රායෝගික සහයෝගිතා විධිවිධාන අංග 32ක් හඳුන්වා දුන්නේය.

එම විධිවිධාන 32 අතරින් අඩක්ම ක්‍රියාත්මක කර අවසන් හෝ මූලික ප්‍රතිඵල ලබා ගෙන ඇතැයි අදාළ වාර්තාවේ සඳහන් වේ. ජාත්‍යන්තර දරිද්‍රතාව පිටුදැකීමේ සහයෝගිතා ජාලය ස්ථාපිත කිරීම, ගෝලීය සංවර්ධන මුලපිරුම පිළිබඳ ඩිජිටල් සහයෝගිතා සාකච්ඡාවක් පැවැත්වීම, ඇමරිකන් ඩොලර් කෝටි පහක් වටිනාකමක් සහිත චීන-එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ තුන්වන දකුණු-දකුණු සහයෝගිතා භාරකාර අරමුදල ආරම්භ කිරීම, අප්‍රිකාවේ රෝහල්වලට සහය දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැනි විධිවිධාන ක්‍රියාවට නංවා ඇත.  එය ගෝලීය සංවර්ධනයට පිටුබලයක් වූ අතර, සංවර්ධනය පිළිබඳ සුබවාදී අපේක්ෂාවන් ද ඇති කර තිබේ.

ගෝලීය සංවර්ධන මුලපිරුමට පුළුල් ජනප්‍රියත්වයක් හිමි වූයේ, සංවර්ධනය පිළිබඳ ජනතාවගේ පොදු අදහස් එහි අඩංගු වීමත්, එමගින් ගෝලීය පොදු සංවර්ධනයට යළි අවධානය යොමු කරවා ඇති නිසාවෙනි. ජනතාව මූලික කර ගත් සහයෝගිතා ක්ෂේත්‍ර අටක් වටා සැකසූනු එම විධිවිධානවලින් එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රයේ සඳහන්, අඛණ්ඩ සංවර්ධන ඉලක්ක 17ක් ආවරණය වී තිබීම ද විශේෂත්වයකි.

පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනය වැදගත් මුලපිරුමක් ඉදිරිපත් කළා පමණක් නොව, ඒ සඳහා ප්‍රායෝගික පියවර ද ගනිමින් සිටියි. වර්තමාන ලෝකයේ ජනතාව අවදානම් සහිත සයුරක් තරණය කරමින් සිටී. එහෙයින් සියලු දෙනාට දීප්තිමත් අනාගතයක් ළඟා කර ගැනීමට නම්, පොදු අරමුණක් මත කටයුතු කළ යුතු බව චීනයේ පැහැදිලි අවබෝධයයි. 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම