සිය මව් රටට ඇති ආදරය මේ ලොව පවතින උතුම්ම ආදරය බව චීන ජනපති පවසයි
2023-06-21 15:01:20
Share with:

චීන ජාතිකයන්ගේ විශ්වාසය අනුව පවුල යනු රටක පදනමයි. සිය මව් රට, යනු එම පවුල්වල එකතුවයි. හෙට (22) දින සැමරීමට නියමිත චීනයේ සාම්ප්‍රදායික මකර බෝට්ටු උත්සවය නිමිත්තෙන්, රට හා පවුල පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ  ආකල්පයන් යළිත් ආවර්ජනය කරමු.

අතීතයේ සිටම චීන ජාතිකයෝ සිය පවුල ඉතා වැදගත් කොට සලකනවා. පවුල යනු කුඩාම රටක් වැනිය. රටක් යනු පවුල් රැසක එකතුවක්. පවුල සමාජයේ මූලික අංගයක් වන අතර, එය මිනිසුන්ගේ දිවියේ ප්‍රථම පාසල බව ෂී ජින් පිං මහතා සඳහන් කර තිබෙනවා. මේ සමාජයේ කාලීනව විවිධ වෙනස්කම් සිදු වුවද, යහපත් පවුලක් ගොඩනැගීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, එවිට එම පවුල් රටේ සංවර්ධනයට, ජාතියේ උන්නතියට සහ සමාජ සංහිඳියාවට වැදගත් පදනමක් වනු ඇති බව හෙතෙම පෙන්වා දී තිබෙනවා.

2014 වසරේ ජාත්‍යන්තර ළමා දිනයට පෙර, ෂී ජින් පිං මහතා බෙයිජිං Minzu පාසලේ දරුවන් බැලීමට ගිය අතර, පුරාණ චීනයේ රට වෙනුවෙන් අවංකව සේවය කළ Yue Fei සේනාධිපතිවරයාගේ කතාව දරුවන්ට පැවසුවා. තමා කුඩා කාලයේ එම කතාවට සවන් දීමේ අත්දැකීම ද ළමුන් සමඟ බෙදා ගත්තා. Yue Fei සේනාධිපතිවරයා මෙන් රටට පක්ෂපාතීව සේවය කිරීම සිය ජීවිතයේ අරමුණ වන බව ද හෙතෙම සඳහන් කළා.

සිය මව් රටට ඇති ආදරය මේ ‍ලෝකයේ ඇති ගැඹුරුතම හා ස්ථිරසාරම ආදරය බවත්, එම ආදරය පුද්ගලයින්ගේ යහපැවැත්මේ සහ කාර්යභාරයේ මූලාශ්‍රය වන බව ද ෂී ජින් පිං මහතා සඳහන් කර තිබෙනවා. ඒ පිළිබඳව ෂී ජින් පිං මහතා සිය 2023 නව වසරේ සුබ පැතුම් පණිවිඩයේදී ද තරුණයින්ට අවධාරණය කර තිබෙනවා.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම