පශු සම්පත් අංශයේ සංවර්ධනයට බ්‍රසීලයේ තාක්ෂණික සහයෝගය
2023-06-21 18:17:28
Share with:

ශ්‍රී ලංකාවේ පශු සම්පත් අංශයේ සංවර්ධනය සඳහා බ්‍රසීලයේ තාක්ෂණික සහයෝගය ලබා දීමට එකඟතාවය පළ වී ඇත.

පශු සම්පත් අංශය තුළ ඉතා උසස් තාක්ෂණයක් භාවිත කරන බ්‍රසීලයේ එම තාක්ෂණික සහයෝගීතාවය ලබා දීම සඳහා ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ගිවිසුමකට එළඹීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

බ්‍රසීල සහයෝගිතා ඒජන්සියේ නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත. මෙම ඒජන්සිය මගින් ලබා දීමට නියමිත තාක්ෂණික සහයෝගිතාවන් සඳහා සත්ව පෝෂණය, සත්ව අභිජනනය, ගොවිපල පරිපාලනය හා කළමනාකරණය මෙන්ම ප්‍රවාහනය, ගබඩා කිරීම හා කිරිවල ප්‍රමිතිය පවත්වාගෙන යාම  යන කරුණු ද අදාළ වේ.









ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම