ගෝලීය සංවර්ධනයේ දී චීනය අත්හල නොහැකි ප්‍රබල සාධකයක්
2023-06-21 10:18:31
Share with:

ගෝලීය සංවර්ධනයේ දී චීනය අත්හල නොහැකි ප්‍රබල සාධකයකි. චීනය සතු නිශ්පාදන හා අලෙවි හැකියාව ලොව කිසිදු රටකට නොමැත. බොහෝ ප්‍රධාන ආර්ථිකයන් පරිභෝජන වෙළඳපොල මත පදනම්ව ආ‍ර්ථිකය හැසිරුව ද චීනය සතු ප්‍රබල නිශ්පාදන හා විශාල පරිභෝජන වෙළඳපොලක් එම රටවල් සතුව නොමැත. එය ලොව ප්‍රකට ව්‍යවසායකයන් මෑත කාලයේ දී මනාව අවබෝධ කර ගෙන ඇතැයි විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය චන්දන කුමාර මහතා පවසයි. එවැනි ප්‍රධාන පෙ‍ලේ ව්‍යාපාරිකයන් පසුගිය දිනවල චීනයේ සංචාරය කිරීමෙන් ඒ බව සනාථ වන්නේ යැයි ද හෙතෙම කියා සිටී. ඇතැම් පාර්ශ්ව ඒකපාර්ශ්වවාදය ප්‍රවර්ධනයට උත්සාහ දැරුවද ලොව තවමත් නැඹුරු වී ඇත්තේ බහුපාර්ශ්වවාදයට යන්න ඉන් ඉතා පැහැදිලිය. ඔවුනොවුන් මත යැපෙන පොදු ‍ප්‍රතිලාභී ගෝලීය ව්‍යූහයක් හැර අන් විකල්පයක් නොමැත. චීනය බොහෝ වර පවසා ඇත්තේ ද මෙය බව චන්දන කුමාර මහතා කියා සිටී. එය මනාව අවබෝධකර ගනිමින් ගැටුමින් තොර සහයෝගාත්මක ක්‍රියා පිළිවෙතක් මගින් පමණක් ලෝකයට ඉදිරියට යා හැකි යැයි ද හෙතෙම සඳහන් කරයි.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම