ජනපති - පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හමුවෙයි
2023-06-20 15:55:04
Share with:

බ්‍රිතාන්‍ය සංචාරයේ නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවී තිබේ. එහිදී ජනාධිපතිවරයා හා මහලේකම්වරිය පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රජයේ උපායමාර්ග සහ ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහාය දැක්විය හැකි ආකාර‍ය පිළිබඳව ද එහිදී  අදහස් හුවමාරු කරගෙන තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම