කෘෂි බෝග නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 36ක්
2023-06-20 15:57:05
Share with:

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ආරම්භ කර ඇති වගා ව්‍යාපෘති මගින් නිපදවන බෝග විශාල ප්‍රමාණයක් අපනයනය කරනු ලබයි. 2022 වසරේ මෙම ව්‍යාපෘති මගින් උපයා ඇති විදේශ විනිමය පිළිබඳ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉල්ලා සිටි අතර එම වාර්තාවට අනුව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් පසුගිය වසරේ දී බෝග අපනයනය මගින් ඩොලර් මිලියන 36ක මුදලක් උපයා තිබේ.

මෙම අපනයන බෝග අතරින් වඩාත්ම ජනප්‍රිය ව පවතින්නේ රාජාංගනයේ හා යාපනයේ ඇඹුල් කෙසෙල් සහ වාකරේ වගා කරනු ලබන Green Cucumber හෙවත් කොළ පිපිඤ්ඤා යි.

නිෂ්පාදන සියල්ල අපනයනය ඉලක්ක කර නිසි ප්‍රමිතියට අනුව වගා කිරීමට සැලසුම් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි නවීකරණ ව්‍යාපෘතියට උපදෙස් ලබා දී ඇත. ඒ සඳහා අවශ්‍ය මුල්‍ය හා තාක්ෂණික පහසුකම් හා තාක්ෂණික පුහුණුව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් ගොවි ජනතාවට සපයනු ඇත. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම