චීන-ඇමරිකා සබඳතා ප්‍රවර්ධනයේ යතුර වන්නේ ඇමරිකාවේ යහපත් ක්‍රියාපිළිවෙතයි
2023-06-20 17:02:00
Share with:

19 වනදා ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා දෙදින චීන සංචාරය නිම කළේය. මෙම සංචාරය අතරතුර චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා චීනයේ උසස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහූ ඔහු හමුවූ අතර සාකච්ඡා ද පැවැත්වූහ. එහිදී දෙපාර්ශ්වයම, චීන ඇමරිකා නායකයින් බාලි දූපත්හිදී  පැමිණි එකඟතාවන් ක්‍රියාවට නැංවීමට කැමැත්ත පළ කළහ. එය දෙරට අතර සබඳතා ස්ථාවර වීමට සාධනීය සංඥාවකි. “අප දැන් නිවැරදි මාර්ගයක ගමන් කරමින් සිටී”යනුවෙන් පවසමින් ඊයේ(19) ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා රාජ්‍ය ලේකම්වරයාගේ චීන සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. චීනය සෑම විටම වගකීමෙන් යුතුව ඇමරිකාව සමග සම්බන්ධතාවය ස්ථාවර හා යහපත් දිශාවක් කරා යොමු කරවීමට කටයුතු කර තිබේ. ඇමරිකාව ද මෙවර ඒ හා සමාන ආකල්පයකින් කටයුතු කළ බව පෙන්නුම් කළේ යැයි නිරීක්ෂකයෝ ද පෙන්වා දෙති.

   චීන ඇමරිකා සම්බන්ධතාවය යහපත් දිශානතියක් වෙත යොමු කරවීමට නම්, එහි පවතින ගැටළුවලට හේතු සොයා ගත යුතුමය. එම සම්බන්ධතාවය මේ වන විට ගැටලුකාරී තත්ත්වයකට ලක්ව ඇත්තේ චීනය කෙරෙහි ඇමරිකාව දරන වැරදි අවබෝධය හා ඒ මත ගොඩනැගුණු වැරදි ප්‍රතිපත්ති නිසා බව Antony Blinken මහතා සමග සාකච්ඡාවන්හිදී චීනය සිය අදහස් පැහැදිලි කළේය.  එහෙයින් චීනය පිළිබඳ වැරදි අවබෝධය නිවැරදි කර ගැනීම, චීනය සමග ප්‍රතිපත්තිය සැකසීමේදී ඇමරිකාවේ මූලිකම පියවර විය යුතුය. ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය ගැටලුකාරී වීමේ ප්‍රවණතාව වෙනස් කිරීමට කඩිනමින් කළ යුතු වන්නේ, දෙරටේ නායකයින්ගේ එකඟතාවන් ක්‍රියාවට නංවාලීම බව පැහැදිලිය.

ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය වන චීන ඇමරිකානු සම්බන්ධතාවය මානවයින්ගේ අනාගත ඉරණම සමග දැඩිව බැඳී පවතී. වර්තමාන තත්ත්වය පමණක් නොව අනාගතයේ ස්ථාවරත්වය සහතික කිරීමටත් අවධානය යොමු කළ යුතුය. ‘බලවත් වීමෙන් පසු අධිපතිවාදයෙන් ක්‍රියා කිරීම’ යන බටහිර රටවල නිත්‍ය මාර්ගය චීනය කිසිවිටෙක ක්‍රියාත්මක නොකරන අතර, බාහිර මර්දනය හා පීඩනයන් පිළිනොගන්නා බවට Antony Blinken මහතා සමග හමුවීමේදී චීන පාර්ශ්වය දැඩි ලෙස අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම