චීන විද්‍යාඥවරියක් UNESCO සංවිධානයේ ප්‍රථම ABDULLAH AL FOZAN සම්මානයෙන් පිදුම් ලබයි
2023-06-20 10:15:02
Share with:

චීන විද්‍යාඥ Fu Qiaomei UNESCO සංවිධානයේ ප්‍රථම ABDULLAH AL FOZAN සම්මානයෙන් පිදුම් ලබයි.

චීන විද්‍යා ඇකඩමිය යටතේ පවතින පෘෂ්ඨවංශීන් හා ශිලා යුගයේ මානව විද්‍යා පර්යේෂණායතනයේ පර්යේෂිකා Fu Qiaomei මහත්මිය වෙත, ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි UNESCO සංවිධාන මූලස්ථානයේ දී එම සම්මානය ඊයේ(19) පිරිනමනු ලැබීය. මුල් යුගයේ යුරේසියානු ජනගහනයේ ජාන ඉතිහාසය පිළිබඳ ඇගේ වැදගත් නිරීක්ෂණ මෙහිදී  ඇගැයීමට ලක්විය. එම පර්යේෂණ මගින් මානවයා ගේ නිරෝගී බව හා අනුවර්තනය වීම් පිළිබඳ මතවාද පුළුල් කරනු ලැබ ඇත.  

ABDULLAH AL FOZAN සම්මානය UNESCO සංවිධානය විසින් හඳුන්වා දෙනු ලැබුවේ 2021 වසරේ දී ය. විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත යන ක්ෂේත්‍රවල තරුණ විද්‍යාඥයන් දිරිගැන්වීමේ ප්‍රථම ජාත්‍යන්තර සම්මානය වන්නේ ද මෙයයි. Fu Qiaomei මහත්මිය ගෝලීය අපේක්ෂකයන් 2500 ක පිරිසක් අතරින් කැපීපෙනෙන සුවිශේෂතා පළ කර තිබිණ. මෙම සම්මානයට හිමිකම් කියූ ප්‍රථම චීන විද්‍යාඥවරිය වන්නේ ද ඇය යි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම