ලබන වසරේදී ජනතාවට විදුලි ගාස්තු සහනයක්
2023-06-19 16:43:11
Share with:

ලබන වසරේ ජනවාරි මාසයේ දී ජනතාව වෙත සුවිශේෂි විදුලි ගාස්තු සහනයක් ලබාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මේ අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් රට තුළ නොමැති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. හෙතෙම පෙන්වා දෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සතුව ප්‍රමාණවත් තරම් ඛනිජ තෙල් තොග පවතින බවයි.

ඒ අනුව මේ වන විට සියලුම ඉන්ධන ඇණවුම් බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගත් නෞකාවක් ද ලබන 22 වනදා මෙරටට පැමිණීමට නියමිත බවද හෙතෙම පවසයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම