ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ජනාධිපති කාර්යාලයේදී
2023-06-19 16:46:22
Share with:

ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය 17 සහ 18 යන දෙදින ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රීවරු නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් 131 දෙනෙක් සමාරම්භක සැසිවාරය සඳහා සම්බන්ධ වූහ. මෙම සැසි වාරයේදි යෝජිත තරුණ පාර්ලිමේන්තු පනත පිළිබඳව විවාදයට ගැනිණ. තරුණ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය පැතුම් රණසිංහ මහතා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ප්‍රකාශ කළේ, ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී, තරුණ පාර්ලිමේන්තුවට වඩා පුළුල් දායකත්වයක් ලබාදිය හැකි පරිදි ජාතික තරුණ පාර්ලිමේන්තු පනත සම්මත කිරීමේ ක්‍රමවේදය ඉදිරියට රැගෙන යා යුතු බවයි. 

මෙම සමාරම්භක අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්වරුන් සහභාගී වූහ.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම